අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ
තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.
මාතර දිස්ත්රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස් තිබේ.
අද පෙරවරුවේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ හමු වී ඇති අචිර ඉලංගමගේ, තමන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දැක්වීමට සූදානම් බව පවසා තිබේ.
මීට පෙර, මාතර දිස්ත්රික් ලැයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන සිටින එජාප අපේක්ෂකයන් දෙදෙනෙක්, පොහොට්ටු පක්ෂයට සහාය ලබා දීම සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගොස් තිබුණි.