අල්ලස් නඩුවක පැටලී සිටි පොහොට්ටු මන්ත්‍රී මිලාන් ජයතිලක නිදොස්කොට නිදහස් කරයි..!

0
450
- Advertisement -

අල්ලස් නඩුවක පැටලී සිටි
පොහොට්ටු මන්ත්‍රී මිලාන් ජයතිලක
නිදොස්කොට නිදහස් කරයි..!


ගල්කොරියන් පවත්වාගෙන යාම සදහා බලපත්‍ර නිකුත් කිරීමට ලක්ෂ හතක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් ලක්ෂ හයක මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා කරමින්, පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, එම චෝදනාවන්ගෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කර තිබේ.

ඔහු සමග, එම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ම චෝදනා ලැබ සිටි දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අජිත් සිසිර කුමාර යන අය ද කොළඹ මහාධිකරණය මගින් නිදහස් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ දී මෙම අල්ලස් නඩුව ඔහුට එරෙහිව ගොනු කර තිබුණි.
<news wire ඇසුරෙනි.>

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =