අල්ලස් කොමිසමේ තාක්ෂණික දෝෂයක්. ඇමති ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්.

0
188
- Advertisement -

අල්ලස් කොමිසමේ තාක්ෂණික දෝෂයක්.
ඇමති ජොන්ස්ටන් නිදොස්කොට නිදහස්.


වෙළද අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ දී ඔහු යටතේ පැවති සතොස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යනුකූල රාජකාරීවලින් ඉවත් කොට, දේශපාලන කටයුතු සදහා යෙදවීම යන චෝදනාව යටතේ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඔහු නිදොස්කොට නිදහස් කර තිබේ.

2010-2014 අතර කාලයේ දී එවකට හිටපු වෙළද අමාත්‍යවරයා ලෙස, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මෙම අනීතික කි‍්‍රයාවෙහි නිරතව තිබුණු බවට අල්ලස් කොමිසම මගින් චෝදනා කර තිබුණි.

මේ හරහා, රුපියල් මිලියන 40 කට ආසන්න මහජන මුදල් ප‍්‍රමාණයක් අවභාවිතා කර ඇති බව අල්ලස් කොමිසම පැවසී ය.

කෙසේ වෙතත්, අදාල නඩුවෙන්, අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු පුද්ගලයන් තුන් දෙනෙකු නිදොස්කොට නිදහස් කළ බව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය දැනුම් දෙයි.

අල්ලස් කොමිසම මෙම නඩුව පැවරීමේ දී නඩුව පැවරීමට පෙර කොමසාරිස්වරු තිදෙනාගේ නිසි අනුමැතිය ලබාගෙන නොතිබීම මෙසේ ඔහු නිදහස් කිරීමට හේතුව වී තිබේ.