අරුවක්කාලු වෙත කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 2ක් ගැටෙයි

0
821
- Advertisement -

අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර්රථ දෙකක් අද (09) අලුයම කරිකට්ටිය ප්‍රදේශයේදී එකිනෙක අනතුරට පත්ව තිබෙනවා.

ඉදිරියෙන් ධාවනය කරමින් තිබු කසල පැටවු ටිපර් රථය හදිසියේ තිරිඟ තද කිරීමත් සමඟ පසුපසින් පැමිනි ටිපර් රථයේ ගැටි මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

පොලිසිය සඳහන් කරන්නේ, කොළඹ සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ මේ ආකාරයට අනතුරට ලක්වු තුන්වන අවස්ථාව මෙය බවයි.

රියදුරා පමණක් ටිපර් රථයේ රැදි සිටිම නිසා ඇතැම් රියදුරන් පැය හතරකට ආසන්න කාලයක් එක දිගට කිලෝ මිටර් 150 කට වැඩි දුරක් ධාවනය කිරීමත් සමඟ රියදුරන් පත්වන අධික නිදිමත හා වෙහෙස මෙම අනතුරට හේතු විය හැකි බව පොලිසිය පෙන්වා දෙනවා.