අර්ජුන් ඇලෝසියස්; මෙන්ඩිස් අරක්කු සමාගම නැවත ලබා ගැනීමට මාන බලයි.

0
513
- Advertisement -
Share

අර්ජුන් ඇලෝසියස්; මෙන්ඩිස් අරක්කු සමාගම නැවත ලබා ගැනීමට මාන බලයි.

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, අර්ජුන් ඇලෝසියස්ට අයත්ව තිබුණු සුප්‍රසිද්ධ මෙන්ඩිස් සමාගම, අර්ජුන් මහේන්ද්‍ර විසින් වසර දහයක කාලයක් සදහා වෙනත් සමාගමකට පවරා දෙන ලදී.

එසේ, වසර දහයක කාලයක් සදහා වෙනත් සමාගමකට පරවා දෙන ලද මෙන්ඩිස් සමාගම, නැවත තමත් වෙත අත්පත් කර ගැනීමට, අර්ජුන් ඇලෝසියස් – කටයුතු කරමින් සිටින බව මෝර්නිං වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙන්ඩිස් සමාගමේ කළමණාකාරිත්වයට, අර්ජුන් ඇලෝසියස්ගේ මැදිහත්වීම වළක්වාලන ලෙස ඉල්ලමින්, මෙන්ඩිස් සමාගම වසර දහයක කාලයක් සදහා පවරාගත් ජයසිරි හෝල්ඩිං පුද්ගල සමාගම නම් වූ සමාගම, පසුගිය 09 වනදා, වාණිජ මහාධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබේ.

මෙන්ඩිස් සමාගම, යළිත් අත්පත් කර ගැනීමට අර්ජුන් මහේන්ද්‍රන් උත්සාහ කරමින් සිටින බව හෙළිදරව් වී ඇත්තේ එහිදී ය.

2018 වසරේ පෙබරවාරියේ දී අර්ජුන් මහේන්ද්‍රන් අත් අඩංගුවට පත් වූ අතර, 2018 අප්‍රේල් මාසයේ දී, ඔහු ජයසිරි හෝල්ඩිං පුද්ගලික සමාගම සමග ගිවිසුමකට එළැඹ, මෙන්ඩිස් සමාගම, වසර දහයක කාලයක් සදහා එම පුද්ගලික සමාගම වෙත පවරා දී තිබේ.

කෙසේ වෙතත්, 2019 ජනවාරි මාසයේ දී ඇප මත නිදහස් වීමෙන් පසුව, යළිත්, මෙන්ඩිස් සමාගමේ පරිපාලනයට බලපෑම් කිරීමට අර්ජුන් ඇලෝසියස් කටයුතු කර තිබෙන බව පැවසේ.

මෙන්ඩිස් සමාගම යනු මෙරට මත්පැන් නිෂ්පාදනය සිදු කරන ප්‍රධානම සමාගම හතරෙන් එකකි.

අර්ජුන් මහේන්ද්‍රන්, බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, මෙන්ඩිස් සමාගමට හිමිව තිබුණු මත්පැන් නිෂ්පාදන බලපත්‍රය රජය විසින් අහෝසි කර තිබුණු අතර, අදාල බලපත්‍රය නැවත ලබා ගැනීම සදහා මුදල් වියදම් කර ඇත්තේ ද ජයසිරි හෝල්ඩිං පුද්ගලික සමාගම විසිනි.

ඊට අමතරව, අර්ජුන් ඇලෝසියස් නිසා ව්‍යාපාරයට සිදු වූ අපකීර්තිය වසා දැමීමට සහ සේවක පඩි නඩි ගෙවීම ඇතුළු තවත් කාරණා රැසක් වෙනුවෙන් ජයසිරි හෝල්ඩිං සමාගම, මෙන්ඩිස් සමාගම වෙනුවෙන් රුපියල් මිලියන 800 කට වඩා වැඩි ආයෝජනයක් සිදු කර ඇති බවද වාර්තා වේ.

බැදුම්කර ගනුදෙනු හරහා උපයාගත් මුදල්වලින්, අර්ජුන් ඇලෝසියස් අත්පත්කර ගත් සමාගම් අතරින්, මෙන්ඩිස් සමාගම, ඉතාම වටිනා සමාගමක් බව පැවසේ.
මෝර්නිං වෙබ් අඩවිය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × five =