අර්ජුන් ඇලෝසියස් ඔබේ සහෝදරයාගේ විවාහ මංගල්‍යයට ආවා නේද..? ඔවුන් ඔබේ යාලූවෝ නේද..?

0
397
- Advertisement -
Share

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡුාවක්, අද ඬේලි මිරර් පුවත්පතේ පළ වී තිබේ.

මේ එම සම්මුඛ සාකච්ඡවෙන් උපුටා ගත් කොටසකි.

ප‍්‍රශ්නය : බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා, ඊට සම්බන්ධ සියළු දෙනාට දඩුවම් පමුණුවන බව ඔබේ රජය ප‍්‍රකාශ කළා.. ඒ නමුත්, ඔබේ පවුල, අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් සමග ඉතා හොද සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට මතයක් තිබෙනවා. අර්ජුන් ඇලෝසියස් හිරෙන් නිදහස් වූ සැනින් ම වාගේ, ඔබේ සහෝදරයාගේ විවාහ මංගල්‍යයට සහභාගී වුණා. මේකනම් ඇත්ත තත්ත්වය, බැදුම්කර වංචාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වෙයිද …?

උත්තරය : මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර, සම්බන්ධයක් පවතින බවට, සජිත් පාර්ශ්වය විසින් චෝදනා කරනවා. ඔබ කිසියම් තැනැත්තෙක් සමග සම්බන්ධයක් තියෙනවා කියන එකෙන්, ඔහු ගේ වැරදි සියල්ල නොතකා හරින්න ඔබට පුලූවන් කියලා කියන්න බෑ. දේශපාලනයේ දී මහින්ද රාජපක්ෂ කියන්නේ නිතරම වාගේ රනිල්ට එරෙහිව නැගී සිටිය චරිතයක්. ඔහු රනිල්ව පරාජයට පත් කළා. ඔබ මෙතන දී අනුමාන කරනවා, අර්ජුන් ඇලෝසියස් සහ අප අතර මිත‍්‍රත්වයක් තියෙනවා කියල..! ඒත් ඔහු වැරැුද්දක් කර තියෙනවානම් ඔහුව අත් හරින්න අපට බෑ. අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට පිටුවහල් කරන ලෙසට එක්සත් ජාතික පෙරමුණු රජය ඉල්ලා සිටියේ නෑ. නමුත් අපි එය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + 13 =