අරලිය ගහමන්දිරයේ ඇතුලේ කචල්

0
632
- Advertisement -

අග‍්‍රාමාත්‍ය ඩිජිටල් මාධ්‍ය අංශයේ සේවකයන් අද දින සේවයට වාර්තා කළ ද ඔවුන්ට අදාල කාර්යාල පරිශ‍්‍රයන්ට ඇතුළු වීමට අවස්ථාව ලැබී නැත. වාර්තාවන අන්දමට, අග‍්‍රාමාත්‍යවරයාගේ නැගණිය වන ශානිකා වික‍්‍රමසිංහ මහත්මිය, අදාල සියළු කාර්යාල කාමර වසා දමා ඒවායේ යතුරු ඇගේ භාරයට ගෙන තිබේ. එහි සේවය කරන, රජයේ ස්ථිර පත්වීම් ලැබූ සේවකයන් ඔවුන් වාර්තා කළ යුත්තේ කුමන අංශයටදැයි අග‍්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් විමසා ඇතත්, ඊට පැහැදිලි පිළිතුරක් ලබා දීමට අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා ද අපොහසත් වී ඇති බව පැවසේ.

එසේම දැනට දින කීපයකට පෙර එම අංශයේ සේවය කල තුෂාර වන්නිආරච්චි මහතා සේවයෙන් ඉවත් කල බව වෙබ් අඩවි වාර්තා කලද ඒ මහතාගෙන් ඒ පිලිබදව විමසු විට ඔහු ප්‍රකාශ කොට සිටියේ 2018 ජුලි මාසයේ සිට ඔහු අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු තනතුරක කටයුතු නොකළ බවයි.

පසුගිය දිනක කැබිනට් රැස්වීමේදී මලික් සමරවික්‍රම හා සාගල රත්නායක අතරද බරපතල ආරවුලක් ඇති වූ බව මාධ්‍ය වාර්තා කොට තිබිණි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × two =