අයවැයට විරුද්ධව ඡන්දය නො දෙනවානං තව දුරටත් සාකච්ඡා කිරීම තේරුමක් නෑ…!

0
926
- Advertisement -

අපේ‍්‍රල් පස් වන දා අයවැය අවසන් ඡන්ද විමසීමේ දී අයවැයට විරුද්ධව ඡන්දය දීමට
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැතිනම් පොහොට්ටුව සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා පැවැත්වීම තේරුමක් නැති බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ජී.ඇල්.පීරිස් මහතා පවසයි. අපේ‍්‍රල් පස් වන දා අයවැයේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගත යුතු ස්ථාවරය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර හෙට රාත‍්‍රියේ සාකච්ඡාවක් පැවැත්වෙන බව මීට පෙර මාධ්‍ය වාර්තා පල විය.