“අමෙරිකානු හමුදා කදවුරු පිහිටුවීමට සිය භුමියේ ඉඩකඩ ලබාදී ඇති සියලුම රාජ්‍යයන් ප්‍රහාර සදහා සූදානම්ව සිටින්න” – ඉරානය

0
12418
- Advertisement -
Share

ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයෙන් අමෙරිකානුවන් 80දෙනෙකු මියගොස් ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් අමෙරිකාව තවමත් ඒ සම්බන්ධ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.

ප්‍රහාරයේ වගකීම ඉරානය විසින් බාරගෙන තිබුණි.

මේ අතර ප්‍රහාරයෙන් කිසිදු ඉරාක වැසියෙක් මිගොස් නැතැයිද ඉරාක හමුදා තහවුරු කර තිබුණි.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර සහ එර්බිල් හමුදා කදවුරු ඉලක්ක කර බැලැස්ටික් මිසයිල ප්‍රහාර රැසක් එල්ල කිරීමට ඉරානය කටයුතු කර තිබේ.

ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉරාන විප්ලවීය හමුදාව පවසන්නේ, මෙය පසුගියදා අමෙරිකානු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ හමුදා ප්‍රධානී ජෙනරාල් කාසිම් සොලෙයිමානි වෙනුවෙන් පළිගැනීම සදහා එල්ල කළ ප්‍රහාරයක් බවයි.

අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ද ප්‍රහාරය තහවුරු කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රහාරවලින් සිදුවූ පුද්ගල හෝ දේපළ හානි පිලිබදව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ නමුත් ඉරාන මාධ්‍ය වාර්තාකරන්නේ ප්‍රහාරවලින් අමෙරිකානුවන් 80දෙනෙක් මියගොස් ඇති බවයි.

මේ අතර තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කළ ඉරානය පවසා ඇත්තේ, අමෙරිකානු හමුදා කදවුරු පිහිටුවීමට සිය භුමියේ ඉඩකඩ ලබාදී ඇති සියලුම රාජ්‍යයන් මෙවන් ප්‍රහාර සදහා සූදානම්ව සිටින ලෙසයි.

ඉරාකය තුළ පිහිටි හමුදා කඳවුරුවල අමෙරිකානු සෙබලුන් 5 000කට වැඩි පිරිසක් රදවා සිටියි.

කෙසේ වෙතත් පසුගියදා ඉරාක පාර්ලිමේන්තුව පනතක් සම්මත කරමින් අවධාරණය කර සිටියේ සිය භූමියේ සිටින සියලු විදෙස් සෙබලුන් වහාම රටෙන් ඉවත්ව යායුතු බවයි.

Neth News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =