අමාත්‍යංශ සදහා ගෙවන ගෙවල් කුලිය පමණක්
මාසයකට රුපියල් ලක්ෂ දහස ඉක්මවයි.
කැබිනට් අමාත්‍යංශ හා රාජ්‍ය ඇමතිවරුන්ගේ අමාත්‍යංශ කාර්යාල පෞද්ගලික අංශයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යෑම වෙනුවෙන්, මසකට රුපියල් ලක්ෂ දහසකට වඩා වැඩි මුදලක් දැරීමට රජයට සිදුව ඇති බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
දැනට ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අමත්‍යංශ සදහා පමණක් මාසිකව රුපියල් ලක්ෂ දෙසීයකට ආසන්න මුදලක් රජය පෞද්ගලික අංශයට ගෙවනු ලබයි.
ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශය ලෝක වෙළද මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ හත්වෙනි මහලේ පවත්වාගෙන යන අතර, ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලය සදහා නැගෙනහිර කුළුණේ 36 වෙනි තට්ටුව වෙන් කර ඇත. මේ මහල් දෙක සදහා පමණක්, මාසිකව රුපියල් ලක්ෂ 80 ක මුදලක් ගෙවන බව පුවත්පත වාර්තා කරයි.
අදාල අමාත්‍යංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත්කරගෙන, අපේ ගම පරිශයට ගෙන යා යුතු බව, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවද, එම ගොඩනැගිල්ල කුළියට ගැනීමේ දී ඇතිකරගත් ගිවිසුමට අනුව, එම ගොඩනැගිල්ලෙන් හදිසියේ ඉවත්විය නොහැකි බව පැවසේ.