අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමෙන් මැතිවරණ නීතිය උල්ලංඝණය නොවේ.

0
297
- Advertisement -
Share

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර තිබියදී, අමාත්‍යාංශ ලේකම්වරු හත් දෙනෙකු පත් කර ඇති බවත්, එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බවත්, සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා චෝදනා කර තිබුණි.

කෙසේ වෙතත්, කැබිනට් අමාත්‍යංශ, මැතිවරණ කොමිසමේ නිරීක්ෂණයට යටත් නොවන නිසා, එවැනි පත් කිරීම් නීති විරෝධී නොවන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කර සිටියි.

මැතිවරණයක් ප‍්‍රකාශයට පත් කර තිබුණද, කිසියම් අමාත්‍යංශයක ලේකම්ධුරයක් පුරප්පාඩු වුවහොත්, එම පුරප්පාඩුව පිරවිය යුතුව ඇති බවත්, මීට පෙර පැවති රජයන් යටතේ ද එවැනි තත්ත්වයන් උදා වී ඇති බවත් මැතිවරණ කොමිසම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + 4 =