අම්මාගේ අනියම් සැමියා විසින් මරා දැමූ
දස හැවිරිදි දියණිය කිසි දිනෙක පාසල් ගොස් නැතිලු.
දරුවන් ගැන බලන්නට නිළධාරියෙක් නැද්ද..?
දස හැවිරිදි දැරියක, එම දැරියගේ අම්මාගේ අනියම් සැමියා විසින් අපයෝජනයට ලක් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවට වූ පුවතක් මීට සති කිහිපයකට පෙර වාර්තා විය.
අපරාධය සිදු කළ සැකකරු ප්රදේශයෙන් පළා ගොස් සිටි අතර, මේ වනවිට එම සැකකරු අත් අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
අපරාධය සිදු වූ දිනයේ,සිය දියණිය රුධිරය වහනය වෙමින් වැටී සිටින බව දැරියගේ මව දැක ඇතත්, අනියම් සැමියාගේ තර්ජනය හේතුවෙන් දැරිය රෝහල්ගත කිරීමට කටයුතු කර නැත.
දැරිය රෝහල්ගත කර ඇත්තේ ඊට පසුදිනයේ දී ය. ඒ වන විටත් ඇය මියගොස් සිටි බවයි පැවසෙන්නේ.
සිය මවගේ අනියම් සැමියා විසින් කරන ලද ලිංගික බලහත්කාරය හේතුවෙන් මිය ගොස් ඇති මේ දස හැවිරිදි මේ දියණිය, කිසිම දිනෙක පාසල් ගොස් නැති බව පැවසේ.