අම්බලන්ගොඩ කුලරත්න පාසලේ හත වසරේ දරුවෙක්ට අමානුෂික පහර දීමක්..!

0
463
- Advertisement -
Share

අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න පාසලේ හත වසරේ ඉගෙනුම ලබන දරුවෙක්ට ඊයේ දිනයේ දී එම දරුවා ඉගෙන ගන්නා පන්තියේ ම තවත් පිරිමි දරුවන් පිරිසක් විසින් පොලූ වලින් පහර දී තිබේ.

පහරදුන් දරුවන්ට, එසේ පහර දෙන ලෙස නියෝග කළ ඇත්තේ හත වසරේ අංශ භාර ගුරුතුමියත්, තවත් ගුරුවරියක් බවත් වාර්තා වේ.

7 වසර අංශ භාර ගුරුවරිය හා තවත් ගුරුවරියක විසින් කුලරත්න විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල සදහා පුහුණු කරන ශාරිරික ව්‍යායාම අංගය සදහා සහභාගී නොවූ බව පවසා දරුවන් පස් දෙනෙකු ලවා පොලු කැබලිවලින් එක් අයෙකුට 20 බැගින් මෙම දරුවාට පහර දෙන ලෙස උපදෙස් දී තිබෙනවා.

එසේ පහරදීම් පිලිබදව පැමිණිලි කිරීමට ගිය දරුවාට නැවත අංශ භාර ගුරුවරියගේ උපදෙස් මත තවත් ගුරුවරියක් අතින් සහ වේවැලෙන් පහර දී ඇත. තැලුම් තුවාල සහිතව දැඩි මානසික කම්පනයෙන් යුතුව නිවසට පැමිණි දරුවා දෙමාපියන් විසින් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව බලපිටිය මූලික රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − six =