අබු බකර් අල් බග්ඩාඩි මරුට…?

0
1096
- Advertisement -

අයි.එස් සංවිධානයේ නායකයාව සිටි අබු බකර් අල් බග්ඩාඩි, ඇමරිකානු හමුදාව විසින් කරන ලද වටලෑමක් අතර තුර, මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන මියගොස් ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන සහ තරුපන්තියේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම භාර ගනු ලැබුවේ ද අබු බකර් අල් බග්ඩාඩි විසිනි.

2011 වසරේ දී, ලෝකයේ වඩාත්ම බිහිසුණු ත‍්‍රස්තවාදියා ලෙස ඇමරිකාව විසින් ඔහුව නම් කරන ලද අතර, ඔහු ඉන්නා තැන පිළිබදව තොරතුරක් ලබා දීමට හෝ ඔහුව මරා දැමීමට සමත් වන ඕනෑම අයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන දහයක මුදල් ත්‍යාගයක් පිරිනමන බව පවසා තිබුණි.