අබ්දූල් රාසික් ගැන විමර්ෂණ අරඹයි.

0
611
- Advertisement -
Share

සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ අබ්දූල් රාසික් සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු ආරම්භ කළ බව, ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වරයාට දැනුම් දී තිබේ. බොදු බල සේනා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් විසින්, අබ්දූල් රාසික් ට එරෙහිව පැමිණිලි කර තිබෙන අතර, ත‍්‍රස්ත විමර්ෂණ ඒකකය එම පැමිණිලි මත පදනම්ව පරීක්ෂණ කටයුතු අරඹා තිබේ. කෙසේ වෙතත්, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අබ්දූල් රාසික් පවසා සිටියේ, කිසිදු ත‍්‍රස්ත සංවිධානයක් සමඟ තමන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 15 =