අප වාර්තා කළ පුවත factcrescendo වැරදියට තේරුම් ගත්තා ද..?

0
2615
- Advertisement -

හෙඞ්ලයින් නිවුස් වෙබ් අඩවියේත්, ෆේස්බුක් පිටුවේත් අප පළ කරන සෑම ප‍්‍රවෘත්තියක් ම නිවැරදි ප‍්‍රවෘත්තියක් යැයි අපි විශ්වාස කරමු. යම් කිසි ප‍්‍රවෘත්තියක් නිවැරදි ප‍්‍රවෘත්තියක් නොවේ යැයි හැගී යන්නේ නම්, එවැනි පුවත් අප වාර්තා කරන්නේ නැත.

අප විසින් වාර්තා කරන ලද පහත ප‍්‍රවෘත්තිය ජනතාව නොමග යවනසුළු ප‍්‍රවෘත්තියක් ලෙස හැගී යන්නේ යැයි – factcrescendo නම් ආයතනය පවසයි.[Link]

මෙය, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා, පසුගිය 15 වන දා පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කරන ලද්දකි. [Link]

අප වාර්තා කරන ලද ප‍්‍රවෘත්තිය තුළ, අදාල කරුණ,එම මාධ්‍ය හමුවේ දී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර විසින් ප‍්‍රකාශ කරන ලද්දක් බව පැහැදිලිවම වාර්තා කර තිබේ.

ඔහු එවැන්නක් කී බව සියයට සියයක් ම සත්‍යයකි. ඔහු නොකී දෙයක්, ඔහු කී දෙයක් ලෙස අප උපුටා දක්වා නැත.

ධම්මික පැනිය වතුපිටිවල රෝහල තුළ හෝ එම රෝහල විසින් පවත්වාගෙන යන කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය තුළ සායනික පරීක්ෂණයකට යොමු කළ බවත් එහිදී ඖෂධය සාර්ථක ප‍්‍රතිඵල පෙන්වා ඇති බවත්, 2020.11.30 වන දා අද දෙරණ රාත‍්‍රී 10 ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ ප‍්‍රචාරය කර තිබුණි.[Link]

කෙසේ වෙතත් කොරෝනා වසංගතය සදහා සොයාගත් බව කියන දේශීය ඖෂධ සම්බන්ධයෙන් තවදුරටත් රට තුළ ඇත්තේ විවාදාත්මක තත්ත්වයකි. ඒ නමුත්, යමකු මෛම වෛරසය පැරදිය හැකි දේශීය ප‍්‍රතිකාරයක් සොයා ගන්නේ නම්, අනෙක් සෑම අයෙකු මෙන්ම අපද ඒ පිළිබදව මහත් සේ සතුටු වන බව දැනුම් දෙමු..!