“අපේ සේවකයන් දෙදෙනාට කොරෝනා නෑ. පෞද්ගලික රෝහලට වැරදීමක් සිද්ධ වෙලා.” සියැට් සමාගම කියයි.

0
304
- Advertisement -

අපේ සේවකයන් දෙදෙනාට කොරෝනා නෑ.
පෞද්ගලික රෝහලට වැරදීමක් සිද්ධ වෙලා.
සියැට් සමාගම කියයි.

සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගමේ සේවකයෙන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ලැබුණු වෛද්‍ය වාර්තා, යළි නිවැරදි කර තිබෙන බව එම ආයතනය පවසයි.

ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක් මගින් සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණ මගින්, කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව මුලින් තහවුරු කරන ලද අතර, වැඩි දුර පරීක්ෂණවලදී, ඔවුන් කෝවිඞ් ආසාදිතයන් නොවන බව යළිත් තහවුරු වූ බව සමාගම පවසයි.

සිය ආයතනයේ සියළුම සේවකයන් මේ වන විට පී.සී.ආර්. පරික්ෂණ සදහා යොමු කර ඇති බව පවසන එම ආයතනය, ඔවුන් කිසිවෙකුට මෙතෙක් වෛරසය ආසාදනය වී නැති බව තහවුරු වී ඇති බව ද පවසයි.

එබැවින්, යළිත් සුපුරුදු පරිදි හෙට සිට සිය මෙහෙයුම් කටයුතු අරඹන බවටද ඔවුන් නිවේදනයක් නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + five =