අපේ සතුරා ඇමරිකාව නොවේ; අපේ සතුරා ඔබයි..! දහස් ගණනින් ඉරාන වැසියෝ ඉරාන රජයට එරෙහිව වීදි බසී.

0
919
- Advertisement -
Share

ඉරානයේ අගනුවර වූ ටෙහරානයේ, දෙවැනි දිනටත්, දහස් ගණනින් ජනයා රැුස් වූ උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන බව විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම උද්ඝෝෂණයට හේතු වී ඇත්තේ, යුක්රේන ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ඉරාන හමුදා විසින් බිම හෙළීම යි. මෙය ඉරානය හිතා මතා කළ සිදු වීමක් නොවේ. එය අත් වැරදීමකින් සිද්ධ වූ මිසයිල ප‍්‍රහාරයක ප‍්‍රතිඵලයකි. නමුත්, ගුවන් යානාව බිම හෙළුෑ සැනින් ඉරාන රජය කියා සිටියේ, එය කාර්මික දෝෂයක් මත සිදු වූ අනතුරක් බවයි. සත්‍යය දැන දැනම, රජය තමන්ගෙන් සත්‍ය වසන් කළ බව කියමින් ජනතාව වීදි බැස සිටිති. මෙම ගුවන් යානය තුළ ගමන් කළ බහුතරයක් ජනතාව ඉරාන ජාතිකයන් ය.

මේ අතර, ටෙහාරනයේ පැවැත්වෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද අදහසක් දක්වා තිබෙ. ඔහු පවසන්නේ, ඉරාන රජය උද්ඝෝෂකයන්ට වෙඩි නොතැබිය යුතු බවයි. දැනටමත් ඉරාන රජය දහස් ගණන් ඉරාන වැසියන් මරා දමා හෝ හිරගත කොට ඇති බව චෝදනා කරන ට‍්‍රම්ප් ලෝකය ඔබ දෙස බලා සිටින බවටද ඉරානයට අනතුරු අගවයි. ඔහු පැහැදිලිව පවසන්නේ, විශේෂයෙන්ම, ඇමරිකාව ඔවුන් දෙස බලා සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × two =