අපේ පුරවැසියන්ගෙන්, හාරලක්ෂ අසූදහසකට රස්සාවක් නෑ.

0
531
- Advertisement -

අපේ පුරවැසියන්ගෙන්
හාරලක්ෂ අසූදහසකට රස්සාවක් නෑ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව, මේ වන විට මෙරට රැකියා විරහිතයන්ගේ සංඛ්‍යාව 480,000 ක් බව වාර්තා වේ.

මේ අතර, කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් රැකියා අහිමි වූවන් පිළිබදව ද ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සමීක්ෂණය කරමින් සිටියි.

මෙහිදී, නිෂ්පාදනය කඩා වැටීම, ආදායම් මාර්ග ඇහිරීම, සෞඛ්‍ය ආරක්ෂාව සදහා වූ වියදම් ඉහළ යෑම වැනි කාරණා සැලකිල්ලට ගන්නා බව පැවසේ.

ත්‍රීරෝද රථ රියැදුරන් සහ වෙනත් කුලී රථ සේවා හා සම්බන්ධ පිරිස් සම්බන්ධ කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කරන අතර, අගෝස්තු මාසයේ 15 වන දා වන විට එම සමීක්ෂණය අවසන් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × one =