අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර ප්‍රශ්නය දුරදිග යයි.

0
463
- Advertisement -

අපේ ජන බල පක්ෂයේ
ජාතික ලයිස්තු මන්ත්‍රීධූර ප්‍රශ්නය
දුරදිග යයි.

අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සදහා, එම පක්ෂයේ ලේකම්, වේදනිගම විමලතිස්ස හිමියන් විසින් උන්වහන්සේගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.

එසේ තිබියදී, එම පක්ෂයේ සභාපති විසින්, පක්ෂ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ ලේකම් ධූරයෙන් වේදිනිගම විමලතිස්ස හිමි ඉවත් කළ බවත්, අළුත් ලේකම්වරයා ලෙස වෙනත් අයෙකු නම් කර ඇති බවත් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

මේ තත්ත්වය මත, අපේ ජන බලවේගය පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් ගැටළුසහගත තත්ත්වයක් උද්ගතව ඇති බවත්, නීතිමය තත්ත්වය නිසි ලෙස අධ්‍යයනය කර එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබා දිය යුත්තේ කාටදැයි තීරණය කරන තෙක්, එම පක්ෂයට හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රීදූරය සදහා පත් කරන අයගේ නම ගැසට් නොකර සිටීම මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

ඒ පිළිබදව, එම පක්ෂයේ හිටපු මහලේකම් වේදිනිගම විමලතිස්ස හිමි වෙත, මැතිවරණ කොමිසමේ සභාපති යොමු කළ ලිපිය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + fifteen =