අපේ‍්‍රල් 21 උදෑසන 8.45 ට පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය පුරවැසියන් ස්මරණය කරන්න. කාදිනල් හිමිපාණෝ ඉල්ලති.

0
569
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සාර්ථකව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන්, අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපානෝ, සිය ස්තුතිය රජයට පුද කර සිටිති.

තරාතිරම නොබලා, ප‍්‍රහාරයට සම්බන්ධ වුවන්ට දඩුවම් දීම අත්‍යවශ්‍ය බවද උන්වහන්සේ පවසති.

පාස්කු ප‍්‍රහාරයට වගකිව යුත්තන් ඉක්මනින් හෙළිදරව් කරන ලෙස, උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.

ප‍්‍රහාරයට වසරක් සම්පූර්ණවන අපේ‍්‍රල් 21 වෙනිදා උදෑසන 8.45 ට, නිවෙස් තුළට වී, ප‍්‍රහාරයෙන් මිය ගියවුන් ස්මරණය කරන ලෙසද කාදිනල් හිමිපාණෝ ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − 17 =