“අපේම මානව හිමිකම් කොමිසම පවා මෘතදේහ භූමදානයට ඉඩ දෙන ලෙස ඉල්ලයි. ඒත් අප නිහඩයි. මෙය නම් විකාරයක්..!” අධිකරණ ඇමති අලි සබ්රි

0
151
- Advertisement -
Share
9 / 100

“අපේම මානව හිමිකම් කොමිසම පවා
මෘතදේහ භූමදානයට ඉඩ දෙන ලෙස ඉල්ලයි.
ඒත් අප නිහඩයි. මෙය නම් විකාරයක්.!”
අධිකරණ ඇමති අලි සබ්රි

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය සදහා තවමත් රජය අවසර ලබා දී නැත.

විපක්ෂය නියෝජනය කරමින්, පසුගිය දා පාර්ලිමේන්තුව ඇමතූ හර්ෂණ රාජකරුණ මන්ත‍්‍රීවරයා පවසා සිටියේ, මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානයට රජය අවසර ලබා දිය යුතු බවයි. ඊට – විපක්ෂයේ කිසිවකු විරුද්ධ නොවෙන බව ද ඔහු පවසා සිිටියේ ය.

පසුගියදා ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිස ම ද, මෘත දේහ භූමදානයට ඉඩ දෙන ලෙස රජයෙන් ඉල්ලා සිිටියේ ය. කොමිසම දක්වා ඇති ආකාරය, මුස්ලිම් ජාතිකයන් 17 ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් කොරෝනාවෙන් මියගොස් ඇති අතර, ඔවුන් සියළු දෙනා ආදාහනය කර තිබේ.

එය ඔවුන්ගේ ආගමික නිදහස නොතකා හැරීමක් බව කොමිසම ඉගි කර තිබුණි. මේ සියළු කාරණා මධ්‍යයේ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, ඊයේ දිනයේ දී තවත් ෆේස් බුක් සටහනක් තබා තිබේ.

එම සටහන අප පහත පරිවර්තනය කර දක්වමු.

භූගත ජල මට්ටම පහළ අගයක් ගන්නා රටවල් ද – වසර පුරා වැඩි වර්ෂාපතනයක් වාර්තා වන රටවල් ද – ඇතුළුව ලෝකයේ රටවල් 194 ක්, ඊට අවසර ලබා දී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයත් – ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයත් – මෘත දේහ භූමදානයට අවසර ලබා දී තිබේ.
ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඒ සදහා අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා තිබේ.
ඒ සියල්ල අභිබවා, දැන්, අපේම ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද, කොරෝනාවෙන් මිය යන මෘත දේහ භූමදානයට අවසර දෙන ලෙස ඉල්ලයි.
තවත් මොනවා ද ඔබ අපෙන් ඉල්ලන්නේ…? මෙය මහත් විකාරයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × five =