අපේක්ෂකත්වය කාටද..? හෙට තීරණය වේ.

0
668
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන නායකයන් සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන අනෙකුත් පක්ෂවල නායකයන් අතර හමුවක් හෙට දිනයේ දී සිදුවීමට නියමිත ය.

මෙම හමුවේ දී, එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පෙරමුණ විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණයට එළැඹෙනු ඇති බවයි පැවසෙන්නේ.

දැනට වාර්තාවන අන්දමට, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෑම පක්ෂයක්ම පාහේ සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාවය පළ කර තිබේ. ද්‍රවිඩ ජාතික සංධානය ඔවුන්ගේ ස්ථාවරය මෙතෙක් ප‍්‍රකාශ කර නැති වුවද, ඔවුන්ගේ කැමැත්ත ද සජිත් පේ‍්‍රමදාස මහතාට හිමිවනු ඇති බවට අනුමාන කරයි.

ජාතික ප‍්‍රශ්නය විසදීම සඳහා ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් සූදානම් බව අවස්ථා කිහිපයකදීම සජිත් පේ‍්‍රමදාම මහතා විසින් ප‍්‍රකාශ කර තිබේ. ජාතික ගැටළුව සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඉල්ලීම වන්නේ ද එයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =