“අපව හැකි ඉක්මනට ලංකාවට ගෙන්වා ගන්න.” මාලදිවයිනේ සිර වී සිටින ශ‍්‍රී ලාංකිකයෝ ඉල්ලති.

0
568
- Advertisement -
Share

මේ වන විට, ශ‍්‍රී ලාංකිකයන් 1500 ක් පමණ දෙනා, යළි මව්රටට පැමිණීමට නො හැකිව මාලදිවයින තුළ සිරවී සිටින බව වාර්තා වේ.

පසුගිය දින කිහිපයේ, කොරෝනා ආසාදිතයන් හමුවීමේ වර්ධනයක් මාලදිවයින තුළ සිදුව ඇති බැවින් තමන්ගේ ජීවිත අවදානමකට වැටී ඇති බවයි මෙම ශ‍්‍රී ලාංකිකයන් පිරිස පවසන්නේ.

විශේෂයෙන්ම, කොරෝනා වැනි වසංගත තත්ත්වයක් පාලනය කිරීමට තරම් මාලදිවයින් සෞඛ්‍ය සේවය ශක්තිමත් මට්ටමක පවතීද යන ගැටළුව තමන්ට ඇති බව, මෙසේ මාලදිවයින තුළ සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයෝ සැක පළ කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 14 =