“අපට යුක්තිය ඉටු කර දීමට කැපවුණු මිනිසාගේ ජීවිතය අවදානමට වැටී තිබේ.” ලසන්තගේ දුව ඇතුළු පිරිසක් ශානි අබේසේකර වෙනුවෙන් පෙරට එති.

0
336
- Advertisement -
Share
9 / 100

“අපට යුක්තිය ඉටු කර දීමට කැපවුණු මිනිසාගේ
ජීවිතය අවදානමට වැටී තිබේ.”
ලසන්තගේ දුව ඇතුළු පිරිසක් ශානි අබේසේකර වෙනුවෙන් පෙරට එති.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත්, ඔහුට ප‍්‍රතිකාර කිිරීමට ඉදිරිපත් වන ලෙසත් ඉල්ලමින්, ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය සහ කප්පම් ලබා ගැනීම සදහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද දරුවන් කිහිප දෙනෙකුගේ දෙමව්පියන් විසින් අත්සන් තබන ලද ලිපියක්, අයිඞීඑච් රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

ශානි අබේසේකර මහතා බන්ධනාගාර ගත කර සිටින සැකකරුවෙකු බැවින්, ඔහුට ප‍්‍රතිකාර ලබා දීම අපහසු කාරණයක් වී ඇති බව, අයිඩිඑච් රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසූ බව මීට පෙර වාර්තා විය.

එම අපහසුතාවයට හේතුව ලෙස සදහන් වූයේ, රක්ෂිත බන්ධනාගාරත කර සිටින සැකකරුවකු පලා යාම වැලැක්වීම සදහා තවත් බන්ධනාගාර නිළධාරීන් දෙදෙනකුවත් ඔහු අසල රදවා තබන බැවිනි.

කෙසේ වෙතත්, තමන්ට යුක්තිය ඉටුකරදීම කැපවුනු මේ සෘජු රාජ්‍ය නිළධාරියාගේ ජීවිතය අවදානමට වැටී ඇති අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටින ලෙස, ලිපියන අත්සන් තබන ලද පිරිස, රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 2 =