“අනෙකුත් රටවලට එන්නත ලබා දීමට කාලයක් ගත වේවි.”ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

0
249
- Advertisement -

“අනෙකුත් රටවලට එන්නත ලබා දීමට කාලයක් ගත වේවි.” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

දෙරට අතර ඇති සම්බන්ධතාවය තහවුරු කිරීම සදහා, ඉන්දියාව විසින්, එරට තුළ නිෂ්පාදනය කරන ලද කෝවිඞ් එන්නත් තොගයක්, මේ මාසය තුළ ලංකාවට ලබා දෙනු ඇතැයි, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසූ බව, අද වෙළදපොළට නිකුත් වී තිබෙන daily mirror පුවත්පත ඔවුන්ගේ මුල් පුවතෙන් වාර්තා කර තිබේ.

ඉන්දියාව, එරට ජනතාවට කෝවිඞ් එන්නත ලබා දීම හෙට සිට ආරම්භ කිරීමට නියමිත ය. මුල් අදියරේ දී සමස්ත ජනගහනයෙන් 20 % ක් ආවරණය වන ලෙස එන්නත් ලබා දීමට ඉන්දියාව කටයුතු කරන බව එරට සෞඛ්‍ය අංශ පවසා තිබේ.

කෙසේ වෙතත්, ඉන්දියාව තුළ නිෂ්පාදනය කරන එන්නත, වෙනත් රටවලට ලබා දීම සම්බන්ධයෙන් දැන්ම සැලැසුම් නොකරන බව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා, ඊයේ දිනයේ දී පැවසූ බව ”ද හින්දු” වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

නේපාලය සහ බංග්ලාදේශය, ඉන්දීය එන්නත ඇනුවුම් කිරීමට කටයුතු කර ඇති බව ද හින්දු වෙබ් අඩවිය සදහන් කළද, ලංකාව එන්නත ඉල්ලා සිටි බවක් එම වෙබ් අඩවියේ වාර්තා කර නැත.