අනෙක් සිරකරුවෝ විරෝධය පාති. දුමින්ද සිල්වා-පේ‍්‍රමලාල් ජයසේකර සහ සම්පත් විදානපතිරණ බන්ධනාගාර නිළධාරීන්ගේ විවේකාගාරයට මාරුකරයි.

0
613
- Advertisement -
Share
4 / 100

අනෙක් සිරකරුවෝ විරෝධය පාති.
දුමින්ද සිල්වා-පේ‍්‍රමලාල් ජයසේකර සහ සම්පත් විදානපතිරණ, බන්ධනාගාර නිළධාරීන්ගේ විවේකාගාරයට මාරුකරයි.

වැලිකඩ බන්ධනාගාර රෝහල, කොරෝනා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කරන රෝහලක් බවට පත් කිරීමෙන් පසුව, එම රෝහලේ තුනේ වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි, ප‍්‍රභූ සිරකරුවන් පිරිසකට, බන්ධනාගාර නිළධාරීන්ගේ විවේකාගාරයට ස්ථානමාරුවක් ලැබී ඇති බව, බන්ධනාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සෙසු සිරකරුවන්ට නොලැබුණු මෙම විශේෂ වරප‍්‍රසාදය ලැබූ හිරකරුවන් අතර, මරණ දඩුවම ලබා සිටින ප‍්‍රභූ සිරකරුවන් තිදෙනෙක් ම සිටිති. ඉන් අයෙක්, දුමින්ද සිල්වා වේ. දෙවැන්නා පේ‍්‍රමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලීය. තුන්වැන්නා, කුරාම් ෂෙයික් නම් බි‍්‍රතාන්‍ය ජාතිකයා මරා දමා, ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය බරපතල ලෙස අපයෝජනයට ලක් කිරීමේ අපරාධයට මරණ දඩුවම ලබා සිටින, තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වන සම්පත් විදානපතිරණ යි.

ඊට අමතරව, මේජර් අජිත් ප‍්‍රසන්නද මේ අතර සිටින බව පැවසේ.

සීමිත පිරිසකට පමණක් මෙසේ විශේෂ වරප‍්‍රසාද හිමිවීම පිළිබදව බන්ධනාගාර රැුදවියන්ගේ මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේද විවේචනයට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ඉහළින් ලැබුණු නියෝගයක් මත ගනු ලැබූවක් බවද ලංකාදීප පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × five =