අනුර සේනානායක මුඛ පිළිකාවකින් පීඩා විදියි. එබැවින් තාජුඩින් නඩුවට පැමිණිය නොහැකි ය.

0
3701
- Advertisement -

රගර් කී‍්‍රඩක වසීම් තාජුඩින් මහතගේ ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන්, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ රථවාහන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් යන අයට එරෙහි නඩුව, අනුර සේනානායක මහතා නොමැතිව විභාගයට ගන්නවා ද යන්න තීරණය කිරීම මාර්තු 24 වන දා සිදු කරන බව කොළඹ මහාධිකරණය පවසයි.

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා, දරුණු මුඛ පිලිකාවකින් පීඩා විදින බවත්, නඩුවට සහභාගී වුවද, සාක්ෂි ලබා දීමට හෝ හරස් ප‍්‍රශ්න සදහා පිළිතුරු ලබා දීමට ඔහුට නොහැකි බව පැවසේ.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩින් 2012 මැයි මාසයේ 17 වන දා ඝාතනයට ලක්ව තිබුණු අතර, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිරයා එම ඝාතනය රිය අනතුරක් බව හැගෙවන ලෙස සාක්ෂි වෙනස් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × one =