අනුර සමරිසි අයිතිවාසිකම් පිළිගනී…!

0
825
- Advertisement -

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන කිසියම් අපේක්ෂකයෙකු, සමරිසි අයිතිවාසිකම් පිලිගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ඉතිහාසයක් ලංකාවේ අපට නැත. ඒ ඉතිහාස කතාව වෙනස් කරමින්, පළමු වතාවට, ජාතික ජනබලවේගයේ ජනාධිපති දූර අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා, තමන් නියෝජනය කරන පෙරමුණ සමරිසි අයිතිවාසිකම් පිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.

ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයේ මේ සම්බන්ධයෙන් නිශ්චිතවම සඳහන් කර තිබෙන අතර, සමරිසි අයිතිවාසිකම් පිළිබදව තමන් දරන ස්ථාවරය, ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැහැදිලි කර තිබේ.

කිසිදු ජන ප්‍රජාවක් ආගම, ජාතිය, පන්තිය හෝ ලිංගිකත්වය මත පදනම්ව වෙනස්කමකට භාජනය නොකර, සියළු ප්‍රජාවන්ට සමාන අයිතිවාසිකම් හිමිකර දෙන අළුත් රටක් වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා දරන ස්තාවරයට අපි සුබ පතමු..!

“ඇතැම් ගතානුගතික හා පසුගාමී සමාජ සංස්කෘතික ආකල්ප නිසා සමරිසි ප්‍රජාව වෙනස් කොට සැලකීමට ලක්වී ඇති අතර, එම පිරිස් පීඩනයට ලක්කරන යටත්දිජිත නෛතික රාමු තවදුරටත් පවත්වාගෙන යාම මෙම තත්ත්වය බරපතල කරයි. මෙම ජන කොටස්වල ජීවවිද්‍යාත්මක වෙනස්කම් පිළිගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්ල ප්‍රධාන සමාජ ප්‍රවාහය තුල ආන්තීකරණයට ලක්වීමට ඉඩ නොදී කටයුතු කිරීමත් අවශ්‍ය වේ. මෙම නීති සංශෝධනය කිරීමටත්ල සෑම කෙනෙකුටම එක හා සමානව සලකන සමාජයක් නිර්මාණය කිරීමටත් අපි කැපවී සිටිමු..”