අනිත් සියළු වැඩ නවතා, මාසයක් තිස්සේ රන්ජන්ගේ හඩපට පටිගත කළා..! ගෙනියන්න කවුරුවත් එන්නෑ. රස පරීක්ෂක කියයි.

0
579
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත් අඩංගුවට ගනු ලැබූ දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි සීයකට වඩා වැඩි ප‍්‍රමාණයක් සහ දෘඩ තැටි 15 ක්, අධිකරණ නියෝග මත, යළි පටිගත කිරීමට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

මේ සදහා, රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මාසයකට ආසන්න කාලයක් ගත වූ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ආන්දෝලනාත්මක මාතෘකාවක් ව තිබුණු බැවින්, සිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් සියළු රාජකාරී දෙවැනි තැනට දමා, මෙම හඩ පට යළි පටිගත කිරීමේ කාර්යයට අවදානය යොමු කළ ද, මේ වන තෙක්, එම හඩ පට රැුගෙන යාමට අදාල බලධාරීන් පැමිණියේ නැති බව රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × five =