අන්තර් පලාත් කි‍්‍රකට් තරගාවලිය අදින් ඇරඹේ.

0
590
- Advertisement -

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මගින් සංවිධානය කරන අන්තර් පාලත් කි‍්‍රකට් තරගාවලිය අදින් ආරම්භ වේ. අද දිනය තුළ තරගාවලියට අදාල තරඟ දෙකක් පැවැත් වේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම හා දිනේශ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම අතර තරඟය දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායම හා ළහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු ගාල්ල කණ්ඩායම පල්ලෙ කැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් ක‍්‍රීඩාංගනයේ දී තරග වදියි.