අනතුර සිදු කළ සුඛෝපභෝගී රථය පදවා ඇත්තේ, 2019 දී බොරැල්ල ට‍්‍රැෆික් ඕ.අයි.සී හප්පා පලා ගිය අයෙකුගේ නැගණියයි.

0
325
- Advertisement -
Share
9 / 100

අනතුර සිදු කළ සුඛෝපභෝගී රථය පදවා ඇත්තේ, 2019 දී
බොරැල්ල ට‍්‍රැෆික් ඕ.අයි.සී හප්පා පලා ගිය අයෙකුගේ නැගණියයි.

ඊයේ දිනයේ දී කොළඹ හත පිහිටි නන්ද මෝටර්ස් නම් වාහන අලෙවිසැලට කඩා වැදුණු සුඛෝපභෝගී ජීප් රථය පදවා ඇත්තේ, රියැදුරු බලපත‍්‍ර පවා නැති තරුණියක බව වාර්තා වේ.

මෙම තරුණිය, මීට පෙර, 2019 වසරේ මාර්තු මාසයේ, මොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිට මරු කැද වූ රිය අනතුරට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුගේ නැගණියක බවද මාධ්‍ය වාර්තා පළ වේ.

2019 වසරේ සිදු වූ එම රිය අනතුර සම්බන්ධයෙන්, අමාත්‍ය මහින්දානන්දගේ පුතා ඇතුළු අට දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණි.පසුව, අමාත්‍යවරයාගේ පුතා ඇතුළු අනෙකුත් සැකකරුවන් මුදාහැර තිබුණු අතර, වාහනය පැදවූ බවට සැක කළ තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

ඊයේ දිනයේ වාර්තා වූ රිය අනතුර සිදුකර තිබුණු තරුණිය, බොරැල්ල ට‍්‍රැෆික් ඕඅයිසීට මරු කැදවූ එම තරුණයාගේ නැගණියක බවත්, ඇය, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ දියණියක බවත් මාධ්‍ය වාර්තා පළ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =