අධි චෝදනා ලැබූවෙකුට ජනාධිපති අපේක්ෂකත්වය දුන් රටක් ගැන මා අසා නැත.

0
453
- Advertisement -

[රාවය පුවත්පතේ කතෘ, වික්ටර් අයිවන් මහතාගේ මුහුණු පොතෙන් උපුටා ගැනුණි

ගෝටාබය ගැන විවාදය

ගෝටාබයගේ නඩුව සම්බන්දයෙන් මා පලකරන ලද අදහස් නඩු තීන්දුවෙන් පසු විවාදයට සේම ගොරෝසු ස්වරයෙන් කෙරෙන ව්විද අර්තකතනයන්ටද ලක්වෙමින් පවතී.ගෝටාගේ අපේක්ෂකත්වයට අබියෝගකරමින් ගාමිනි හා තේනුවර පවරන ලද නඩුවට මගේ කිසිදු සම්බන්දයක් තිබුනේ නැත. එහෙත් ඒ නඩුව වැදගත් න්ඩුවක් යන්න මගේ මතය විය.

ගෝටාබයගේ පුරවැසි බාවය සම්බ්න්දයෙන් නොවිසදුනු හා නොපැහැදිලි ප්‍රස්න තිබුනි.ඒ නඩුවෙන් ගෝටා ජය ලැබුවද ඔහුට අදාල සියලු ප්‍රස්න විසදී තිබෙන බවක් පෙනෙන්න්ට නැත.ලබා තිබෙන තීන්දුවද අබියෝගයට ලක්වියහැකිය.

ගෝටාබයට එරෙහිව මේ න්ඩුව පැවරූ පැමිනිලි කාර පාර්ශවය ගෝටාබයගේ හැදුනුම් පත් හා විදේශ ගමන් බලපත් ගැන සීඅයිඩීය කරන ලද පරීක්ෂනයේ අදිකරනයට ඉදිරිප්ත් කල සියලු වාර්තා සැලකිල්ලට ගෙන තිබෙන බවක් පෙනෙන්නට නැත.වාර්තා තුනක් අතරින් සැලකිල්ලට ගෙනතිබෙන බව පෙනෙන්නේ පලමු හා දෙවෙනි වාර්තා ප්මනය.

ගෝටාබයගේ ද්වීත්ව පුරවැසි බාවයට අදාල ලොග් පොත සීඅය්ඩිය සොයාගෙන තිබුනි.අයදුම් පතද සොයා ගෙන තිබුනි. එහෙත් ඒ ලේකන දෙකම මේ නඩුවෙදී ප්‍රයෝජනයට ගත් බවක් පෙනෙන්නේ නැත. අයදුම් පතේ ගෝටාබ තමන් හදුන්වාගෙන තිබෙන්නේ පරිගනක ඉන්ජිනේරුවකු වශයෙනි.

ඇමරිකන් පුරවැසි බාවය ලැබීමත් සමග ඔහු ගේ පලමු හැදුනුම් පත(491724021v) අවලන්ගු වූ අතර දිවීතව පුරවැසි බාවය යටතේ .
2016 මැයි 10 වන දින අලුත් හැදුනුම් පතක් (194917200010)ලබාගෙන තිබේ.එහෙත් 2017,2018,2019 යන වර්ෂ සදහා ජ්න්ද නාම ලේකනයේ ලියා පදින්චි වී තිබෙන්නේ පරන අවලන්ගු වූ හැදුනුම් පත යොදාගෙනය.එම කාරනය ද පැමිනිල්ල දැනසිටි බව පෙනෙන්න්ටනැත.

ගෝටාබය ගේ අපේක්ෂකත්වයට අදාලව මට තිබෙන ලොකුම ප්‍රස්නය වනුයේ අදිචෝදනාලාබි පුද්ගලයෙකු ජනාදිපති වැනි තනතුරක් සදහා තරග කරන්නේ කෙසේද යන්නයි.එය මීට පෙර ලෝකයේ කවර රටකින් වත් අසා නැත.ලන්කාවේද සිද් උවන්නට යන්නේ පලමු වතාවටය.

රාජ්‍ය සේවයට පුද්ගලයන් බදවාගැනීමේදී අදිචෝදනා ඇති පුද්ගල්‍යෙකු ලොකු තනතුරක් සදහා නොව කාර්‍යාල කාර්‍ය් සහයක වැනි ප් පුන්චි රැකියාවක් සදහාවත් බදවාගන්නේ නැත.රාජ්‍ය සේවකය්කුට අදි චෝදනා එල්ල්වූ විට ඔහු ගේ වැඩ තනම් කරයි. එම රීතිය ජනාදිපති අපේක්ෂකයෙකුට අදාල නොවන්නේ ඇයි.අදිචෝදනා ඇති අපේක්ෂකයකු ජනාදිපති කමට පත්වුව හොත් ඔහු ගේ අදි චෝද්නාවලට සිදුවන්නේ කුමක්ද?

මාමේ කතාකරන්නේ ගෝටාට එරෙහිව නොවේ.මා කාගේවත් අදාර කරුවකු නොවෙමි.මට අවශ්‍ය වැරදි සම්ප්‍රදායක් ඇතිවීම වලකා ගැනීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine − 8 =