“අධිතක්සේරුව, මහේශාක්‍ය භාවය විසින් ඝාතනය කිරීමට නියමිතය”

0
683
- Advertisement -

2019 ජනාධිපතිවරණය ජනතා විමුක්ති පෙරමුණේ විභවය හා ඉදිරි දිශානතියට දුන් ඉග’ියක්’

මෙවර ජනාධිපතිවරණය අවසන් වූයේ තීරණාත්මක, සාධනීය හා ඉදිරි අනාගතය වෙනුවෙන් සියලූ පක්ෂයන්ට ඉග’ි ලබාදුන් මැතිවරණයක් වශයෙනි. විශේෂයෙන්ම සුළු ජාතික පක්‍ෂ හැරුන විට මෙම ඉග’ිය ගැඹුරින් තේරුම් ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. අතීතයේ පටන්ම ජනතා විමුක්ති පෙරමුණ හැසිරුන මහේශාක්‍ය ලීලාවත්, අධි තක්සේරුවත් ඔවුන් තුළින් මැනවින් ප‍්‍රකට විය. එයින් සිදු වූයේ ඔවුන්ගේ මතය අනුමත කළ 3%කට අධික චන්දදායකයන්ගේ චන්ද ජයග‍්‍රාහකයාගේ හෝ දෙවැනි තැන ලබාගත් පුද්ගලයාගේ මතයට කිසිදු බලපෑමක් නොකිරීමයි. මෙය ගමේ ගොඬේ බාසාවෙන් කිවහොත් අපතේ යන චන්ද ගණයට වැටීමයි.

මෙම තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දිශානතිය කෙබඳු විය යුතුද යන්න විමසිලිමත් වීම වැදගත්ය.

තමුන්ට සිටින්නේ රසිකයන් මිස චන්දදායකයන් නොවන බව මීට පෙර අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ති‍්‍ර සමන්ත විද්‍යාරත්න මහතාගේ ප‍්‍රකාශය මෙහිදි ඉතාම වටිනා කියමනකි. මන්ද ඕනැම විරෝධයකදි, සමාජ අසාධාරණයකදි ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරිපත්වීම සාමාන්‍ය සමාජයේ බහුතරයක් විශ්වාස කරන නිසාය. ජනතා විමුක්ති පෙරමුණ ගාමක බලවේගයක් වශයෙන් ලාංකේය ජන සමාජයට අත්‍යවශ්‍ය සාධකයක් බව මෙමගින් තේරුම් ගත හැකිය. එසේම සාමාන්‍ය ජනතාව ඔවුන්ට ඍජුව තම චන්දය භාවිතා නොකළද ඔවුන්ගේ ප‍්‍රතිපත්ති නිවැරදි බව ඉතසිතින් පිලිගනිති. එබැවින් පවතින තත්ත්වය යටතේ ඉදිරි දශකය තුළ රජයක් බිහිකිරීම සිහිනයක් වුවද, ඔවුන්ට ලාංකේය දේශපාලන මංපෙත වෙනස් කිරීමට, ශිෂ්ටසම්පන්න කිරීමට හා එසේ කිරීමේ තීරණාත්මක සාධකය වීමට පැහැදිලි අවකාශයක් තිබේ. මූලිකවම අප තේරුම් ගත යුතු කරුණක් තිබේ. ඒ ජනතා විමුක්ති පෙරමුණට වැරදුනේ කොතැනකද යන්නයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය ජනාධිපතිවරණ සටන මෙහෙයවමින් ඔවුන් කළ ආශ්වාදජනක දේශපාලන හා දේශපාලනයේ සංස්කෘතික වෙනස්කම් ඉදිරිපත් කරන්නට නිදසුනක් වශයෙන් පෙන්නුම් කළේ ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ඔහු ගත් ආකර්ෂණිය තිරණයන්ය. ඒ කරුණු ඉතාම ජනතාවාදී, ආර්ථික හිතකාමී හා ධනාත්මක තීරණ වූ අතර ඒ කිසිවකට කිසිවෙක් අභියෝග නොකළහ. එසේම ඒ කරුණු නියත වශයෙන්ම සත්‍යයකි. නමුත් මැතිවරණය අවසානයේ ප‍්‍රතිඵලය වූයේ කුමක්ද? තමුන් බලාපොරොත්තු වූ ප‍්‍රතිඵලය නොලැබුන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාම පිලිගත්තේය. දැන් ඇති ගැටළුව එසේ වූයේ ඇයිද යන්නයි.

1971 ආශ්වාදජනක කැරැල්ලකින් පසුව ජනතා විමුක්ති පෙරමුණ ස්වකීය මහේශාක්‍ය භාවය, අහංකාර අධි තක්සේරුව කිසිදු අවස්ථාවකදි අත් නොහැරීම මෙයට ප‍්‍රධාන සාධනීය කරුණකි. 71 කැරැල්ලෙන් පරාජයට පත්ව සිර දඩ’ුවම් නියම වූ සැකකරුවන් 1977 ජයවර්ධන රජය යටතේ නිදහස ලබා නැවත ප‍්‍රතිසංවිධානය වනවිට එහි ප‍්‍රධාන සැකකරුවන්ගෙන් රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක හා ලයනල් බෝපගේ හැරුන විට බොහෝ දෙනෙක් පල්ෂය හැර යන්නට තීරණය කළේ ඇයිදැයි ජනතා විමුක්ති පෙරමුණ විමසිලිමත් වූවා නම් ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව මීට වඩා රටට හිතකාමී ශිෂ්ටසම්පන්න දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නට හේතු වනු ඇත. නමුත් සිදු වූයේ සිදු වූ සියල්ල නිවැරදි කරන්නට හේතු දැක්වීමක් හා පක්ෂය හැර යන්නන් ද්‍රෝහීන් වශයෙන් නම් කිරීම පමණකි.

1977 පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමෙන් පසුව එයින් ඉවත් වූ ලයනල් බෝපගේ විසින් රචිත ඉල්ලා අස්වීමේ දීර්ඝ නිබන්ධනය ඔවුන්ට තමුන්ගේ ගමන්මග නිවැරදි කරගන්නට කදිම මාර්ගෝපදේශයක් විය හැකිව තිබුනද ජනතා විමුක්ති පෙරමුණ ඒ අවස්ථාව පැහැර හැරියේ ඔවුන්ගේ අධිතක්සේරුව හා මාන්නය හේතුවෙනි. ඔවුන්ගේ අධි තක්සේරුව කෙතරම්ද කිවහොත් 82 ජනාධිපතිවරණයේදි තමුන් ජයග‍්‍රහණය කරන බවට විශ්වාසයෙන් ජයග‍්‍රහණය කළ පසුව ජාතිය ඇමතීමේ කතාව පවා විජේවීර කෙටුම්පත් කළේය. එසේම 1977 පසුව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන හතුරා වූයේ දැවන්ත බලයක් අතමිටි කරගත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව නොව, ඉතාම දුර්වල අඩියක පසු වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හා කිසිදු මහජන නියෝජිත බලයක් නොතිබූ වාමාංශික පක්ෂ අතලොස්සයි. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ තමුන්ගේ අතකොලූවක් බවට පත් කරගන්නට ජයවර්ධන මහතාට හැකි විය. විශේෂයෙන්ම මෙරට ඉතිහාසයේ බලවත්ම, අනුවේදනීය ඛේදාන්තයකින් අවසන් වූ වෘත්තිය අරගලය වූ 80 වැඩ වර්ජනයේදි ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිත්වය මෙහිදි පැහැදිලිව සාක්ෂි සපයයි.

ලංකාවේ සිටිය යුතු එකම හා බලවත්ම වාමාංශික පක්ෂය තමුන් බව සිතමින් හා පතමින් කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ 80 වැඩ වර්ජනය කඩාකප්පල් කිරීමේ ලා දැවැන්ත පියවර කිහිපයක්ම ගත්තේය. ජූලි වැඩ වර්ජනය සාර්ථක වුවහොත් එහි කීර්තිය හා වාසිය සම්ප‍්‍රදායික වාමාංශික පක්‍ෂවලට අත්පත් වන නිසා එය කඩාකප්පල් කරන්නට ඔවුන් විශාල වෙහෙසක් ගත්තේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ වාස් තිලකරත්න ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් චිත‍්‍රාල් ද පෙරේරා හමු වී එය කඩාකප්පල් කරන්නට ගත යුතු කි‍්‍රයාමාර්ග පිලිබඳ දැනුම් දුන්නේය. එබඳු කුමන්ත‍්‍රණකාරි කි‍්‍රයාමාර්ග කිහිපයකින් පසුව වැඩ වර්ජකයන් අතර අභ්‍යන්තර විසම්මුතියක් ඇතිවීම නොවැලැක්විය හැකි කරුණකි. විශේෂයෙන්ම ලංකා ගුරු සංගමයේ එවකට සභාපතිව සිටි එච්. එන්. ප‍්‍රනාන්දු මහතා විජේවීර මහතාගේ බිරිඳගේ සොහොයුරා වීම මෙය පහසු කරන්නක් විය. නමුත් බහුතරයක් වර්ජකයෝ ජනතා විමුක්ති පෙරමුණේ කපටි යටි අදහස තේරුම් ගත්හ. විශේෂයෙන්ම අරගලයේදී මියගිය සෝමපාල මහතාගේ අවංගල්‍යයට මල්වඩමක් ගෙන පැමිණි උපතිස්ස ගමනායකට වර්ජකයන්ගෙන් එල්ල වූයේ දැවැන්ත විරෝධයකි. ඔහු ගෙනා මල්වඩම බේරේ වැවට විසි කළ වර්ජකයෝ ඔහු පළවා හරින ලද්දේ හූ හඩ මධ්‍යයේය. අවසානයේ සියදිවි නමාගැනඹ් 52ක් සමග ලක්ෂයකට අධික පිරිසකට රැකියා අහිමි කරමින්, වර්ජනය නිමා වූයේ මෙරට කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පැවති සටන්කාමීත්වය සහමුලින්ම දියකර හරිමිනි. එයට ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාකාරිත්වය දැවැන්ත සාධකයක් විය. රෝහණ විජේවීරගේ කාලයේදි ඔශු වඩාත්ම වෛර කළේ මෙරට වාමාංශිකයන්ටය. මෙරට වාමාංශික පක්ෂ මහලූ මඩම් බව වරක් ඔහු පැවසුවේය.

82 ජනාධිපතිවරණයේදි ඔහු පැවසුවේ බලයට ලැබුන පසුව වාමාශික නායකයන් දෙහිවල සත්තුවත්තේ කූඩුකර මහජන ප‍්‍රදර්ශනයට තබන බවය. මෙවැනි ප‍්‍රකාශ මගින් ලංකාවේ එකම වාමාංශික පක්ෂය තමුන් බවට පත්වීමේ සිහිනය ජනතා විමුක්ති පෙරමුණට තිබිණි. 88-89 යුගයේදි මෙරට සම්ප‍්‍රදායික වාමාංශිකයන් ඝාතනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කි‍්‍රයා කළේය. ඒ අනුව දේවබණ්ඩාර සේනාරත්න වැන්නුන් ඝාතනය කරන ලදි. නැවත 1994 පසුව ජනතා විමුක්ති පෙරමුණ තම බලය මුළුගන්වමින් ඒකරාශී වීම සාමාන්‍ය ජන සමාජයේ මහත් අස්වැසිල්ලකට හේතු වූ බව පැහැදිලියි. 88-89 සිදු වූ තරුණ සංහාරයත් සමග ඇති වූ අනුකම්පාව මත ජනතා විමුක්ති පෙරමුණට තරමක වේගවත් ගමන් මගක් ඉන් පසුව විවර වූ බව පෙනේ. විශේෂයෙන්ම නිර්මාණශිලිත්වය, අධිවේගි කි‍්‍රයාකාරකම් හා ප‍්‍රාසාංගික භාවය මගින් ඔවුන් ඉතාම ඉක්මනින් විශ්ව විද්‍යාල පද්ධතිය ආකර්ෂණය කරගන්නට සමත් විය. ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ඉතාම තීරණාත්මක ස්ථානය වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදි ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගතවීමයි.

2004 මහා මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණ යනු කෙතරම් ජනහද දිනාගත් ව්‍යාපාරයක්ද යන්න පැහැදිලි විය. තමුන් පත් කළ අප‍්‍රකට අපේක්ෂකයන් සුප‍්‍රකට අත්දැකීම් බහුල දේශපාලනඥයන් පසුගාමී කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ මහජන නියෝජිතයන් සමත් විය. ඔවුන් ලබාගත් ආසන ගණන 39ක් විය. ඔවුන් සෑම දිස්ති‍්‍රක්කයකටම අපේක්‍ෂකයන් තිදෙනෙක් ඉදිරිපත් කළ අතර ඒ සෑම දිස්ති‍්‍රක්කයකින්ම පාහේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථානය හිමි කරගන්නට ඔවුන් සමත් වූහ. ලංකාවේ දේශපාලන මංපෙත නව මගකට අවතීර්ණ කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ තමුන්ගේ දේශපාලන බල කඳවුරෙන් අනුර බණ්ඩාරනායක මහතා දෙවැනි තැනට පත් කරන්නට ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතාට හැකි විය. අනුර බණ්ඩාරනායක මහතා හට ජනාධිපති අපේක්ෂකත්වය නොලැබ, මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් පත් කරන්නට පක්ෂයට සිදුවීමට ප‍්‍රධාන බලපෑමක් එල්ල කළේද මෙම සිදුවීමයි. එයින් පසුව ජනතා විමුක්ති පෙරමුණේ අමාත්‍යවරු ලංකාවේ ජන හද බැඳගනිමින් කි‍්‍රයාත්මක වූහ. කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශ එයින් ප‍්‍රධානය. මෙය ජනතා විමුක්ති පෙරමුණට ජාතික තලය වෙනුවෙන් සිය මෙහෙවර කි‍්‍රයාකාරිව ඉටු කරන්නට ලැබුන දැවැන්තම අවස්ථාවයි. බණ්ඩාරනායක මැතිණිය සමග ගැටුම් ඇතිකරගනිමින් ආණ්ඩුවෙන් ඉවත්ව” විපක්ෂයේ වාඩිවෙමින් ආන්ඩුව ආරක්ෂා කරන නව ප‍්‍රවනතාවයක්ද ඇති කළ ජනතා විමුක්ති පෙරමුණ 2005 ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග‍්‍රහණයේ ප‍්‍රධාන ගාමක බලවේගයයි. එසේම ඒ අවස්ථාවේදිද ජනතා විමුක්ති පෙරමුණට මහින්ද රාජපක්ෂ රජයට බලපෑම් කරමින් ත‍්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමේ අවසන් මොහොතට ශක්තියක් සැපයීමේ හැකියාව ලැබිණි. එයද ඔවුන් විපක්ෂයේ සිටිමිනි.

ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගමන් මග බෙහෙවින් එදාවේල ටුවර්ස් වාහනයකට සමාන වූ බැව් පෙනේ. එසේම පොදුජන විඥානය තුළ ඔවුන් අසාධාරණ තැනක ස්ථානගත කිරීමට සම්ප‍්‍රදායික දේශපාලන කණ්ඩායම් වලට ඔවුන් අවකාශ සලසා දුන්හ. එනම් වරින් වර ප‍්‍රධාන පක්ෂ සමග ඔවුන් හොරට ගණුදෙනු කළ බවට හා ඔවුන්ගේ අතීත කි‍්‍රයාකාරකම්වල සුජාත භාවය පිලිබඳ ප‍්‍රශ්න කරමිනි. පොදුවේ ගත් කළ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන පක්‍ෂ දෙකට වඩා කි‍්‍රයාකාරකම් අතින්, ප‍්‍රතිපත්ති හා ආදර්ශය අතින් ඉදිරිගාමී පක්ෂයක් බැව් ඉතා පැහැදිලිය. නමුත් අවසානයේ ජනතා විමුක්ති පෙරමුණට සිදු වූයේ වැට උඩ වාටි වී සිටින්නා පත් වන අපහසුතාවයටය. එක පැත්තක් විවේචනය කළ සැනින් ඔවුන් අනෙක් පැත්තෙන් කොමිස් ගත් බව කියන පසුබිමකට අද ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇත්තේය. එසේම එහි වාමාංශික ස්වරූපයෙන් මිදෙමින් මධ්‍යම පාංතික සන්නාම ආකර්ෂණය කරගැනීම මගින් කිසියම් අස්ථාවර, එහෙත් පුළුල් සමාජ කතිකාවතකට ප‍්‍රවේශ වන ස්වරූපයක් පෙන්නුමි විය. නිදසුනක් වශයෙන් මෙවර ජනපි‍්‍රය කලාකරුවන් රැසක් ඔවුන් නියෝජනය කළ අතර ඔවුන්ට පුළුල් විෂයානු දැක්මක් නොතිබිණි. ජනපි‍්‍රය ගායක සුනිල් පෙරේරා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සිට සජිත් පේ‍්‍රමදාස මහතාට සහය දෙන ප‍්‍රතිපත්තියකට යොමු විය. එය වැදගත් කරුණක් නොවූවත් වැදගත් වන්නේ ඔහුගේ සංක‍්‍රාන්තියට හේතුවයි. ඔහු පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති ඉතා හොඳ නමුදු ඔවුන්ට මෙරට ප‍්‍රධාන ගාමක බලවේගය වන්නට ඇති හැකියාව අල්ප බවය. එහිදි තමාගේ චන්දය කි‍්‍රයාකාරි මෙන්ම ප‍්‍රධාන දේශපාලන ධාරාවට බලපෑමක් කරනු දැකීම ඔහුගේ අපේක්ෂාව වන්නට ඇත. කැමති වුවත් අකමැති වුවත් මෙරට බහුතරයකගේ මතය එය බැව් පැහැදිලිය. මෙය වඩාත් පුළුල් ලෙස විග‍්‍රහ කළහොත් 1982 ජනාධිපතිවරණයෙන් රෝහණ විජේවිර ලබාගන්නේ මනාප 273,428ක් වන අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් 4.19%ක් විය. 1999 වසරේ නන්දන ගුණතිලක ලබාගත් චන්ද ප‍්‍රමාණය 3,44,173ක් වූ අතර එය ප‍්‍රතිශතයක් වශයෙන් 4.08%කි. මෙවර අනුර කුමාර දිසානායක මහතා ලබාගත් චන්ද ප‍්‍රමාණය 4,18,553ක් වන අතර ප‍්‍රතිශතයක් වශයෙන් 3.26%කි. ජනතා විමුක්ති පෙරමුණේ ඇති කේඩරය ප‍්‍රතිශතයක් වශයෙන් පහළ යන ආකාරය මෙමගින් මැනවින් පෙන්නුම් වෙයි. මේ අනුව ඔවුන්ගේ චන්ද ස්ථාවරය ක‍්‍රමයෙන් පහළට එමින් ඇති බව පැහැදිලිය. නමුත් එයින් අදහස් වන්නේ ඔවුන්ට සාමාන්‍ය ජන මතයෙන් ප‍්‍රතික්ෂේප වන බව නොවේ. ජනතා විමුක්ති පෙරමුණ වහාම තමුන්ගේ ආකල්ප, උපක‍්‍රම හා ක‍්‍රමවේදයන්හි පරිවර්තනයක් කළ යුතු බවයි.

අද වන විට ලංකාව නැවතත් ජාතිය, ආගම පදනම් කරගත් චන්ද රටාවකට යොමු වූ ඇති නිසා ජනතා විමුක්ති පෙරමුණේ කාර්ය භාරය වඩාත් වගකීම් සහිත හා උපක‍්‍රමික විය යුතු තත්ත්වයක පවතියි. ඉදිරියේදි රටේ ඇති වෙතැයි උපකල්පනය කළ හැකි තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහයන් දෙකෙක් එකකට බර තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලක අභිලාෂයන් කිසියම් මට්ටමකින් හෝ සාර්ථක කරගන්නටද, ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය නිවැරදි දිශානතියකට යොමු කරගන්නටද එමගින් අවස්ථාව සැලසෙනු ඇත. මේ වනවිට ආණ්ඩුව අද සිටින විජයග‍්‍රාහි මානසික තත්ත්වය විමසිල්ලට ගනිමින් ඔවුන් කළ යුතු වන්නේ 2004දී මෙන් හෙට්ටු කිරීමේ භූමිකාවක් මත එකතු විය හැකි දේශපාලන ධාරාව සමග එක් වී තම පක්ෂයේ අරමුණු ඉවසිල්ලෙන් හා සෙමින් සාර්ථක කර ගැනීමයි. එසේ නොවුනහොත් ඔවුන්ට සිදුවිය හැක්කේ ලංකාවේ ජන මතයෙන් ප‍්‍රතික්ෂේපිත කණ්ඩායමක් බවට පත්වීමය. එසේ වුවහොත් එය මෙරට දේශපාලනයේ අවාසනාවක් වන්නේ ඔවුන්ගේ ප‍්‍රතිපත්තිවල ශක්‍යතාවය ලංකාවේ බහුතරයක් අනුගමනය කිරීමයි. එබැවින් මේ ප‍්‍රධාන විකල්ප කණ්ඩායම සමග ප‍්‍රතිපත්තිමය එකග’තාවයක් ඇති කරගන්නට ඔවුන්ට කදිම අවස්ථාවකි.

–දනුද්දර–

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =