අධ්‍යාපන ඇමති තුමනි; ඔබේ දරුවාට පාසලක් ලැබී තිබේ. අපේ දරුවෝ පාසලක් නැතිව පාරේ වාඩි වී සිටිති…!

0
284
- Advertisement -
Share

මේ වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිම සිදුවූ අද (16) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට රැස්වු  මවුපියන් පිරිසක් දරුවන් ද ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වීය.

මෙම විරෝධතාව පාසල ඉදිරිපිට පැවති අතර පාසල් නිල ඇඳුම් ඇඳගත් දරුවන් 28ක් ද විරෝධතාකරුවන් අතර විය. පසුගිය 13 දා ද මවුපියන් සියයක් පමණ විරෝධතාවක් පවත්වමින් දරුවන් 70ක් ජනාධිපති විද්‍යාලයට ඇතුළත් කර නොගෙන ඈත පාසල් ලබාදී ඇති බව නිහඬ  විරෝධතාවක් පවත්වමින් පැවසීය.

එහෙත් අද  (16)  පැවති විරෝධතාවට එක්ව සිටි පිරිස පැවසුවේ මේ වනවිට දරුවන් 32 දෙනෙකුට පාසලක් නැති බවයි. සෙසු අය වෙනත් පාසල්වලට ඇතුළත් කර ඇති බවද ඔවුහු පැවසුහ.

විරෝධතාව එළියේ පැවැත්වෙන අතරතුර 2020 පළමුවන ශ්‍රේණි ආරම්භ කිරිමේ උත්සවයට  පාසලට තේරුණු දරුවන් පිළිගැනීමේ උත්සවය පාසල තුළ පැවැත්විනි. මවුපියන්ගේ විරෝධතාවට ඇහුන්කන්දීමට කිසිදු බලධාරියෙන් නොපැමිණි බවද විරෝධතාවට එක්ව සිටි පිරිස පැවසුහ. විසඳුමක් නොලැබුනොත් මාරාන්තික උපවාසයක් දක්වා මෙය කරගෙන යන බවද ඔවුහු පැවසුහ.

ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 19 =