අධ්‍යාපන අමාත්‍යාවරයාට සිතාසි

0
731
- Advertisement -

රාජ්‍ය අංශයේ දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට සිතාසි නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සැපයුම්) I.M.K.B. ඉලංගසිංහ මහතා අද (ජූනි 24) ජනාධිපති කොමිසමට පැවසුවේ සියළුම පාසල් පෙළ පොත් පිළිබඳ පණිවුඩය සමඟින් ඔහුගේ වර්ණ ඡායාරූපය පළ කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බවයි.

එහි ප්‍රතිඵලයක් ලෙස අමාත්‍යවරයාගේ වර්ණ රූපය ඇතුළත් පිටුවක් මුද්‍රණය කිරීම සඳහා රජයට රුපියල් මිලියන 160 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව අනාවරණය විය.

රජය වසරකට පෙළ පොත් මිලියන 40 ක් පමණ මුද්‍රණය කරන බවත් මෙම විශේෂ පිටුව මුද්‍රණය කිරීම සඳහා රුපියල් 4 බැගින් වැය වී ඇති බවත් ඉලංගසිංහ මහතා කොමිසමට පැවසීය.

මෙම පෙළපොත් මුද්‍රණය කිරීමට එරෙහිව පැමිණිල්ලක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 11 =