අද හිස්බුල්ලා සහ ඉලංගකෝන්.

0
826
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යහ මහත්වරුන්ට දන්වා තිබේ. ඒ අනුව, අද පස්වරු තුනට රැුස්වන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ ඔවුන් දෙදෙනාගෙන් සාක්ෂි විමසීම සිදුවනු ඇත. ඔවුන් දෙදෙනාට අමතරව, නීතිය හා සාමය අමාත්‍යංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුද අද දිනයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත ය.