අද සිට දවස් 21 කට මුුළු ඉන්දියාවම ලොක් ඩවුන්.

0
871
- Advertisement -

ඉන්දියාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගල මරණ 09 ක් සිදුව තිබේ. ඊට අමතරව, වෛරසය ආසාදනය වූවනගේ සංඛ්‍යාව එරට තුළ 500 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක මට්ටමින් ගත් කළ කොරෝනා වෛරසය නිසා සිදුව ඇති මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි. මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින්, ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අද මධ්‍යම රාති‍්‍රයේ සිට දින විසි එකක් පුරා මුළු රටම ලොක් ඩවුන් කිරීමට තීරණය කර තිබේ.

ඇදිරි නීතිය සහ ලොක් ඩවුන් කිරීම අතර වෙනස බොහෝ දෙනෙකුට පැහැදිලි නොමැති නිසා, මාධ්‍යවේදී කසුන් පුස්සෙවැල්ල ඒ සම්බන්ධයෙන් ලියා කෙටි ලිපියක්, ඔහුගේ මුහුණු පොතෙන් උපුටාගෙන අපි මෙසේ පළ කර සිටිමු.

Kasun Pussewela  ඇදිරිනීතිය (Curfew) සහ ලොක් ඩෞන් (Lockdown) වෙනස, ගොඩ දෙනෙක් දන්නේ නැති නිසා සරලව කියන්නම්.
ඇඳිරි නීතිය යනු පවතින නීතියකට අනුව ජනතාව ඉන්න තැනක තැබීම සඳහා රජය ව්සින් පනවන නීතියකි. එමකාලය තුළ එළියට යා නොහැක. නමුත් ඇඳිරිනීතිය ඉවත් වූ පසු නැවැතත් පුරුදු පරිදිම ජනතාවගේ සන්සරණය සිදු විය හැක. මෙම කාලය තුල සියලුම දේ අක්‍රීයවේ, ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසිස්, යන ආදිය. යම් කාලයකට පසු අනිවාර්යයෙන්ම ඇඳීරිනීතිය ඉවත් කලයුතුය. කිව් පරිදී ඇඳිරිනීතිය ඉවත් වූ පසු මිනිසුන් විශාලවශයෙන් ගැටීමට ලක්වේ. මෙය යුද්ධයකදී ප්‍රශ්නයක් නැත, නමුත් වෛරස් වාහකයා මිනිසා වන විට. කොහොමටවත් නොගැලපේ.
ලොක්ඩෞන් (Lockdown) එකකදී, ජනතාව අනිවාර්යයෙන්ම නිවාස තුලම සිටිය යුතුය, මොනයම්ම හේතුවක් නිසාවත් එලියට යා නොහැක, සමහරවිට විශේෂ අවසරපත් ලබා ගත හැක. මෙහිදී ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි වැනි දා විවුර්ත තබයි. මෙය දිගටම පවතින ක්‍රියාවලියකි. මෙහිදී ජනතාව එක් රැස්වීම් හෝ එකිනෙකට මුණ ගැසීමක් සිදුනොවේ. ග්‍රොසරි ස්ටොර්ස්, ෆාමසි පවතින බැවින්, අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ කලබලයක් නත. ගමනා ගමනය නැත. බස් නැත, ට්‍රේන් නැත.
ගමනා ගමනය නැති බැවින් ලඟම ග්‍රොසරියට යයි. ග්‍රොසරි යාම සීමා කරයි, අත්‍යාවශ්‍ය භාණ්ඩ පමණි. වැඩිදුරටත් නීතිය තද කරනවනම්. ගෙදරට බඩු ගෙනත් දෙයි. මුණ ගැසෙන්නේ අවට ලඟම මිනිසුන් නිසා, රෝගය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ව්‍යාප්ත්වීමක් නැත.
මෙවැනි අවශ්ථාවකදී ගැලපෙන්නේ මෙය මිස ඇඳිරිනීතිය නොවෙයි.

– රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිනසේන ඩබ්ලිව් හේවගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − three =