රටේ සෑම පුරවැසියෙකුටම ඊ හෙල්ත් කාර්ඩ් පතක් ලබා දීමේ ව්‍යාපෘතිය අදින් ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන කළුතර මහ රෝහලෙන් ආරම්භ වන ඊ හෙල්ත් කාර්ඩ් පත බෙදා දීමේ වැඩ සටහන යටතේ, මාස හයක් ඇතුළත රටේ සෑම පුරවැසියෙකුටම ඊ හෙල්ත් කාර්ඩ් පතක් ලබා දීමට කටයුතු කෙරෙනු ඇති. ඊ හෙල්ත් කාර්ඩ් පතක වැදගත්කම පිළිබදව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වරයා පළ කළ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.