අද වාර්තා වූ මරණ පහෙන් තුනක් ම
නිවසේ සිටිය දී සිදු වූ මරණ.
අද දිනයේ දී වාර්තා වූ කොරෝනා මරණ පහෙන් තුනක් ම, අදාල ආසාදිතයන් රොහල් ගත කිරීමට පෙර, නිවස තුළ දී සිදුව ඇති මරණ බව පැවසේ. එම මරණ තුනෙන් දෙකක්, කොරෝනා සංකූලතා හේතුවෙන් සිදුව හෘදයාබාධයන්ගෙන් සිදුව ඇති අතර, අනෙක් මරණය, පෙනහළු ආසාදනය වීමෙන් සිදුව ඇති මරණයකි.
අද වාර්තා වු මරණ පහට ඇතුළත් අනෙක් මරණ දෙක, අදාල ආසාදිතයන් රෝහල්ගත කිරීමෙන් පසුව සිදු වූ මරණයන් ය.