අද රැස්වීමේ දී එජාප පසුපෙල ගත් තීන්දුව.

0
525
- Advertisement -
Share

පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කැදවීමකට අනුව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අද උදෑසන අරලියගහ මන්දිරයේ දී රැස් වී තිබේ.

මෙම හමුවේ දී, එජාප පසුපෙළ මන්ත‍්‍රීවරු, ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරිපත් කළ යුතු බවට යෝජනා කර තිබේ.

ජනාධිපති ධූරය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතාත්, අග‍්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතාත් ඉදිරිපත් විය යුතු බවයි ඔවුන් යෝජනා කර ඇත්තේ.

කෙසේ වෙතත්, මෙකී යෝජනාව සම්බන්ධයෙන් එජාප ජාතික ලැයිස්ති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා සිය එකඟතාවය පළ නොකළ බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =