“අද තරඟයේ සිතාගත නොහැකි යමක් වීමට හැකියි” – කුසල් ජනිත්

0
698
- Advertisement -

අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අද බ්‍රිස්ටල් හිදී තරඟ වදිනවා.

පාකිස්තානය මෙම තරඟයට පිවිසෙන්නේ එක්දින තරඟ 11ක් පරාජය ලැබීමෙන් පසු, එංගලන්තයට එරෙහිව ලෝක කුසලාන තරඟ ජයග්‍රහණයක් වාර්තා කිරීමෙන් අනතුරුවයි.

නවසීලන්තයට එරෙහි තරඟයෙන් පරාජයට පත්වුවද ශ්‍රී ලංකාව අවසන් තරඟයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව විශිෂ්ඨ ජයක් වාර්තා කළා.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා පිළේ පිතිකරුවන් අපේක්ෂිත දස්කම් දැක්වීමට නැවතත් අපොහොසත් වුවහොත් පාකිස්තාන තරඟය ජයග්‍රහණය කිරීම දුෂ්කර අභියෝගයක් වනු ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා.

පසුගිය තරඟයේදී කුසල් ජනිත් පෙරේරා සහ දිමුත් කරුණාරත්න හැරුණු කොට අනෙක් කිසිදු ක්‍රීඩකයෙකු පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා පිළට අද ජීවන් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්වීමට ඉඩ ඇති අතර, මිලින්ද සිරිවර්ධන පසුපෙළ පිතිකරුවෙකු ලෙස එක්වීමට ඉඩ ඇති බව ද සඳහන්.

මැද පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය මත පාකිස්ථානයට එරෙහි අද තරඟයේ සිතාගත නොහැකි යමක් කිරීමට හැකි බව ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ ඊයේ දිනයේ BBC සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් කුසල් ජනිත් වැඩිදුරටත් පැවසුවේ එංගලන්තයේ පවතින කාලගුණය වෙනස්වීමේ තත්වය තරඟ ක්‍රීඩා කිරීමේදී පිතිකරුවන්ට ප්‍රබල බලපෑමක් එල්ලවන බවයි.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + ten =