“අද ඉන්නේ – එදා හිටිය පී.බී. ජයසුන්දර නෙවෙයි.” අමාත්‍ය විමල් වීරවංශ

0
1334
- Advertisement -
Share

“අද ඉන්නේ – එදා හිටිය පී.බී. ජයසුන්දර නෙවෙයි.” අමාත්‍ය විමල් වීරවංශ

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර සම්බන්ධයෙන්, තමන් විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය ඉල්ලා අස්සකරගන්නේ නැති වුවද, දැන් සිටින පී.බී. ජයසුන්දර සහ එදා සිටි පීබී ජයසුන්දර අතර පැහැදිලි වෙනසක් ඇති බව, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස් පළ කර සිටියේ ය. කලින් සිටි පී.බී. ජයසුන්දර, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය විශ්වාස කළ අයෙක් වූ අතර, අද සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස්ව, ජාතික ආර්ථිකය ශක්තිමත් කළ යුතුය යන ස්ථාවරයේ සිටින පී.බී. ජයසුන්දර කෙනෙකු බව ඔහු පවසයි.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය කිරීම සීමා කිරීම පී.බී ජයසුන්දර මහතාගේ යෝජනාවක් බවද අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ ය. එමෙන්ම, යහපාලන පාලන සමයේ දී, පී.බී ජයසුන්දර ඔහුගේ කුරුණෑගල පිහිටි නිවසේ පදිංචියට ගොස් ගැමියෙකු ලෙස දිවි ගෙවූ අයුරු තමන් දුටු බවද අමාත්‍යවරයා පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම් ධුරය සදහා ඒ මහතාගේ නම යෝජනා වූ වේලේ, පී.බී. ජයසුන්දර මහතා එම තනතුර ලබා ගැනීමට අදිමදි කළ බවත්, තමන් ඒ මහතා ඒ තනතුර ලබා ගැනීම සදහා පෙළඹ වූ බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × four =