අද අත් අඩංගුවට ගැනීමේ අවදානමක්..! පූජිත සී.අයි.ඩී යේ. හේමසිරි රෝහලේ…!

0
1045
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකල බව පවසමින් මිනීමැරුම් චෝදනා යටතේ පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන අය අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප‍්‍රනාන්දු යන අයට, අද උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ. තව ස්වල්ප වේලාවකින් පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට පැමිණීමට නියමිත අතර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා රෝහල්ගතව ඇති බව පැවසේ.