අදුරු වලාවේ රිදී රේඛාවක්..! කොරෝනා ආසාදිතයන් 91,533 ක් සුවය ලබති.

0
548
- Advertisement -

කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙන්නේය.

ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයා ගත වූ පැය 24 තුළ වාර්තා විය.

මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාධිතයින් ප්‍රමාණයක් සහ වැඩිම කොරෝනා ආසාදිත මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙනි.

එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4032 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා ආසාධිත මරණ 627 ක් වාර්තා වීමත් සමගිනි.

චිනයෙන් වාර්තාවන කොරෝනා ආසාධිත මරණ ප්‍රමාණය අඩුවෙමින් පවතින අතර, එරට සිටින විදේශීකයින්ට කොරෝනා ආසාධනය වීමේ වැඩි වීමක් දක්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට ලොව පුරා වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 275,276ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 11,384ක් ලෙසය .

කොරෝනා වෛරස ආසාදනයෙන් මේ වනවිට සුවය ලබා ඇති සංඛ්‍යාව 91,533කි.

news first.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 3 =