අදාල මාර්ගෝපදේශ නිකුත් වන තුරු භූමදානයට අවස්ථාව නෑ.

0
185
- Advertisement -

අදාල මාර්ගෝපදේශ නිකුත් වන තුරු
භූමදානයට අවස්ථාව නෑ.

කොරෝනා මෘත දේහ භූමදානයට අවසර ලබා දෙන ගැසට් පත‍්‍රය නිකුත් කළද අදාල මාර්ගෝපදේශ නිකුත් වන තුරු කොරෝනා මෘතදේහ භූමදානයට අවස්ථාව නොලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මළ සිරුරු භූමදානය සදහා සුදුසු ස්ථානයක් මෙතෙක් සොයාගෙන නැති බවත් – ඒ සදහා භූගත ජල මට්ටම පහළ අගයක පවත්නා භූමියක් සොයාගත යුතුව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

කෙසේ වෙතත් භූමදානය අත්‍යවශ්‍යම නම් අදාල මාර්ගෝපදේශ නිකුත් කරන තුරු අදාල මෘත දේශ ශීතාගාරයක රදවා තැබීමේ හැකියාව පිළිබදවස වෛද්‍යවරයා පවසන ලදී.

සිරස නිවුස් ෆස්ට් කළ විමසීමක දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ කරුණු අනාවරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 + twenty =