අදත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි.

0
516
- Advertisement -

බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වල මෙන්ම මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල අද රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර කෙටි කාලීන තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අකුණු පවතින අවස්ථාවල සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 1 =