අතින් වියදම් කරගෙන නිරෝදායනය වීමට කැමති 100 ක් ඊයේ සහ අද ලංකාවට පැමිණෙති. පීසීආර් පරීක්ෂණ ආසිරි සහ නවලෝක රෝහල්වලින්.

0
631
- Advertisement -
Share

අතින් වියදම් කරගෙන නිරෝදායනය වීමට කැමති
100 ක් ඊයේ සහ අද ලංකාවට පැමිණෙති.
පීසීආර් පරීක්ෂණ ආසිරි සහ නවලෝක රෝහල්වලින්.

නෙත් පුවත් ඇසුරෙනි.

ශ්‍රී ලංකා රජයට වැය බරක් ඇති නොවන පරිදි සිය පෞද්ගලික වියදමෙන් PCR පරීක්ෂණ සහ නීරෝධායන කටයුතු වල නියැලීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු ඊයේ සහ අද අලුයම රටවල් 03 ක සිට පැමිණි ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර සිටියා.

ඊයේ දින රාත්‍රී 6.35ට චීනයේ, ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් එක් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු අතර එම ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යපෘති වල සේවය කරන චීන ජාතිකයන් 07 දෙනෙකු ද පැමිණ සිටියා. 

ඊයේ රාත්‍රී 11.20ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයන් 76 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

අද දින අලුයම 1.20ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් ද තවත් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම සියලු ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගේ පී.සී.ආර්.පරීක්ෂණ නවලෝක සහ ආසිරි යන පෞද්ගලික රෝහල් මගින් සිදු කළ බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේ. ඉන්පසුව මෙම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත පිටත් වී ගොස් තිබුණා.

මේ සදහා වැය වන සියලු වියදම් වල වටිනාකම, අදාළ ගුවන් සේවා විසින් එම ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ප්‍රවේශ පත්‍ර වෙත එකතු කර ඇති බවද කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × four =