අත් අඩංගුවට ගැනීමට හොයන බදියුදීන්ගේ සහෝදරයා කට්ටිපනී…!

0
484
- Advertisement -
Share

තලෙයිමානරමේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් පමණ වටිනා අක්කර 40 ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සාදා අත් පත කර ගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සොයන, හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයා වන රිෆ්ඛාන් බදියුදීන් යන පොලීසිය මග හැර කට්ටි පනිමින් සිටින බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නම වන දා, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මියට කරුණු ඉදිරිපත් කර තිබේ.

අදාල වංචාවට සම්බන්ධ සැක කරුවන් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් කිහිප වතාවක් ම නියෝග කර ඇතත්, අදාල තැනැත්තා මෙතෙක් අත් අඩංගුවට ගැනීමට නොහැකි ව ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 17 =