“අත් අඩංගුවට ගැනීමට හිටිය නිළධාරියෙක් සි.අයි.ඩී යේ අධ්‍යක්ෂක කරන්න අනුමැතිය දීලා.” ලසන්තගේ දුවගෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක්.

0
733
- Advertisement -
Share

අත් අඩංගුවට ගැනීමට හිටිය නිළධාරියෙක්
සි.අයි.ඩී යේ අධ්‍යක්ෂක කරන්න අනුමැතිය දීලා.”
ලසන්තගේ දුවගෙන් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක්.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී, ඒ.ආර්.පී.ජේ අල්විස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කිරීමට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.

2009 ජනවාරි 08 වන දා සිය පියාගේ ඝාතනය සිදු වූ බවත්, එම ඝාතනය පිළිබදව සොයා බැලීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරී තිබුණු බවයි අහිම්සා පවසයි.
පියාගේ ඝාතනය පිළිබදව විමර්ෂණ ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, 2019 අප්‍රේල් මාසයේ දී, ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාට වාර්තා කර තිබුණේ, එවකට ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ අධ්‍යක්ෂකවරයාව සිටි, ඒ.ආර්.පී. ජේ අල්විස්, ලසන්ත ඝාතයට සම්බන්ධ සාක්ෂි වසන් කිරීමටත් – අපරාධ කරුවන් ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කර ඇති බවයි.

ඉන් පසුව, වැඩබලන පොලිස්පතිවරයා වන, සී.ඩී වික්‍රමරත්න මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ, ඒ.ආර්.පී.ජේ අල්විස් අත් අඩංගුවට ගෙන වහාම ගල්කිස්ස මහේස්ත්‍රාත්වරය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අතර තුරේ ජනාධිපතිවරණය පැමිණි අතර, ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් විය.

ඉන් පසුව, වැඩබලන පොලිස්පතිවරයා තමන්ගේ ස්ථාවරය වෙනස් කරගෙන තිබුණි. ඒ අනුව, ඒ.ආර්.පී.ජේ අල්විස් කිසි දිනෙක අත් අඩංගුවට පත් නොවූ අතර, පසුගිය මැයි මාසයේ 20 වනදා, ඒ.ආර්.පී.ජේ අල්විස්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත් කිරීමට පොලිස් කොමිසම අනුමැතිය දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 16 =